" විශේෂිත දරුවන් සොයා අද අප ගියා තිහගොඩ කණිෂ්ඨ විද්‍යාලයට ...
2022 - 01 - 18
මාතර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයේ දිසා බාලදක්ෂ කොමසාරිස් ඉන්දික ප්‍රසන්න මැතිතුමා ගේ උපදෙස් මත විශේෂ ව්‍යාපෘති අංශය මගින් මෙහෙයවන ලද විශේෂිත දරුවන් පෝතක බාලදක්ෂයින් කිරිම හා ඔවුන් සතුටු කිරිමත්, අඩු ආදයම් ලබන දරුවන් වෙත ආධාර බෙදා දීමේ උත්සවය මුලටියන කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ අකිල් මැතිතුමාගේ සහ මාතර කළාප කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂක ඒ. සී. මුණසිංහ මහතා , තිහගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනිය ටී.වී.ජී.රසාදරී මැතිණිය සහ දිසා බාලදක්ෂ කොමසාරිස් ඉන්දික ප්‍රසන්න මැතිතුමා ඇතුළු සහාය දිසා කොමසාරිස්වරුන් වන නුවන් ලියනගම , චන්දිකා ගුණවර්ධන , වි, එස්. එෆ් මංගල , සී. ඒ. වන්නිආරච්චි , යන මහත්ම මහත්මීන්ගේ හා දිස්ත්‍රික් බාලදක්ෂ අචාර්ය එල්. එච්. කුමාර , නිශාමණි වික්‍රමසිංහ මහත්ම මහත්මින්ගේ සහභාගිත්වයෙන් පැවැතිණි .
මෙය කාගෙත් සිත් ගත් වටිනා වැඩසටහනක් වු බැවින් , කාගෙත් ප්‍රසාදය ට පත් වු සුවිශේෂී වැඩසටහනක් ලෙස ඇගයිමට ලක් විය. මේ අවස්ථාවට සිරස, ජාතික රුපවාහිණි , සියත, ස්වාධීන රුපවාහිණි මාධ්‍ය අවරණය ලබා දී තිබුණි ...
මේ සත්ක්‍රියාව සදහා මුල්‍යමය දායකත්වය ලබා දෙමින් මා හට උපකාර කල මගේ ආදරණීය රසික ගුණවර්ධන සොයුරාටත්, පැතුම් හසරංග සොයුරාටත් , අනෝමා සොයුරියටත්, හර්ශන රංග සොයුරාටත් , ජයශාන් චතුරංග සොයුරාට ත්, දිසා කොමසාරිස් ඉන්දික ප්‍රසන්න මැතිතුමා ටත්, දිස්ත්‍රික් බාලදක්ෂ අචාර්යය එල්. එච්. කුමාර මහතාටත් , තිහගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ බාලදක්ෂ අචාර්යය තුමියන්ටත් , මගේ හදපිරි ප්‍රණාමය හා ගෞරවය පුදකර සිටින අතර මේ කරගත්තාවු සත්කාර්යයේ පිං මහිමයෙන් එම පිං අනුමෝදන් වී කරනු ලබන සියළු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා යි මා මෙත් සිතින් ප්‍රර්ථනා කරමි ...
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි
නුවන් ලියනගම
සහාය දිසා බාලදක්ෂ කොමසාරිස්
(විශේෂ ව්‍යාපෘති) "
Post a Comment